සමාන පද එහෙමත් නැත්නම් සමානාර්ථ පද කියන්නෙ එක පදයක අර්තයට සමාන වූ අර්තයක් දනවන වෙනත් වචන වලට.. ලිවීමට, කථනයට, වගේම අලංකාරවත් ලෙස භාෂාව හැසිරවීමට සමාන පද අපට උපකාරී වෙනවා.. ශිෂ්‍යත්වයට සූදානම් වෙන 3, 4 සහ 5 ශ්‍රේණි වල දුවා දරුවන්ට වගේම වැඩිහිටියන්ටත් උපකාර වන සමානාර්ථ පද 300 කටත් වැඩි ලයිස්තුවක් ම මේ යොමුව හරහා අපි ඔයාලට ඉදිරිපත් කරනවා.. 1 අම්මා මව, මෑණියන්, දිනිති, ජනනී, මාතෘ, මාතා, මෝ 2 තාත්තා පියා, පීතෘ , අප්පච්චී, ජනක 3 ගස රුක, රුක්ෂය, තුරු, වෘක්ෂය 4 අහස ආකාසය, ගුවන, අමර, ගගන, නුබ, නබෝගැබ, පවන්මග, සියොත්මග, සුරමග, ගහමග 5 උදෑසන හිමිදිරිය, පාන්දර, අලුයම, උදය 6 කකුල පාදය, පා 7 ඉර හිරු, සූර්යයා, දිනිදු, සැබරැස්, දිනේන්ද්‍ර, තික්මෙරද, දිනකර, සහස්රැස්, ගහමිණ, ගිම්රැස්, දියනෙත, රවි, අදුරුරුපු, සැඩකර, දිවයුරු, දිනපති, සහසකර, දිනිසුරු, දිවාකර, දිනමිණ 8 ගෙදර නිවස, ගෙය, නිවාසය, වාසස්ථානය, ගෘහය, ආලය 9 පාසල විදුහල, විද්‍යාලය, ශාස්ත්‍රාලය, ඉස්කොල්ය, සිප්හල, පාඨශාලාව 10 ඔලුව හිස, සිරස, ශිර්ශය 11 පාර මාවත, මාර්ගය, මග, වීදිය 12 තරු තාරකා, නක්ෂත්‍ර, උළු 13 හඳ චන්ද්‍රයා, තාරපති, තරුපති, තරිඳු...
Comments
Post a Comment