Skip to main content

සිංහල ස්ත්‍රී ලිංග, පුරුෂ ලිංග පද

සිංහල භාශාවේ 3, 4 සහ 5 ශ්‍රේණිවල දුවා දරුවන්ට උවමනා වන, ස්ත්‍රී ලිංග සහ පුරුෂ ලිංග නාම පද 125 ක සම්පූර්ණ ලයිස්තුවක් මේ යොමුව හරහා අපේ දුවා දරුවන්ට අපි ඉදිරපත් කරනවා...


ගැහැනු අය හඟවන පද අපි ස්ත්‍රී ලිංග පද කියලා හඳුන්වනවා.. ඒ වගේම දරුවනේ පිරිමි අය හඟවන පද අපි පුරුෂ ලිංග පද කියලා හඳුන්වනවා.. සමහර ස්ත්‍රී ලිංග පද තියෙනවා ටිකක් පොදු භාවිතයේ කියවෙනවා අඩු..


අපි ඒ පද තද bold අකුරින් මේ ලයිස්තුවට දානවා.. ඔයාලා ඒවත් මතක තියාගන්න ඕනෙ හොඳ ළමයි වගේ.. ශිෂ්‍යත්වෙටත් ඕනෙ වෙන්න පුලුවන්නෙ..



1

දරුවා

දැරිය

2

මිනිසා

ගැහැණිය

3

තාත්තා

අම්මා

4

පියා

මව

5

සීයා

ආච්චි

6

මල්ලි / මල්ලී

නංගි / නංගී

7

සහෝදරයා

සහෝදරිය

8

කුමරා

කුමරිය

9

මාමා

නැන්දා

10

දෙවියා

දෙවඟන

11

ගුරුතුමා

ගුරුතුමිය

12

විදුහල්පතිතුමා

විදුහල්පතිතුමිය

13

විදුහල්පතිවරයා

විදුහල්පතිවරිය

14

ඔහු

ඈ / ඇය

15

පිරිමි

ගැහනු

16

කොල්ලා

කෙල්ල

17

දරුවා

දැරිය

18

ළදරුවා

ළදැරිය

19

ගොවියා

ගෙවිලිය

20

යහළුවා

යෙහෙළිය

21

නායකයා

නායිකාව

22

සෙබළා

සෙබළිය

23

පුතා

දුව

24

සැමියා

බිරිඳ

25

ස්වාමිපුරුෂයා

භාර්යාව


26

කොකා

කෙකින්න

27

බළලා

බැළලිය

28

මුවා

මුවදෙන

29

කුරුල්ලා

කිරිල්ලිය

30

ගොනා

දෙන

31

හාවා

හා දෙන

32

ගිරවා

ගිරවිය

33

කුකුළා

කිකිළිය

34

වඳුරා

වැඳිරිය

35

කපුටා

කපුටිය

36

නයා

නැයිනි / නැයින්න

37

ඌරා

ඊරි

38

සර්පයා

සැපින්න

39

මී මැස්සා

මී මැස්සිය

40

මැස්සා

මැස්සිය

41

ඉත්තෑවා

ඉත්තෑවිය

42

එළහරකා

එළදෙන

43

ඔටුවා

ඔටුදෙන

44

සිවලා

සිවල්ධේනුව

45

මුවා

මුව දෙන

46

සිංහයා

සිංහ ධේනුව

47

අශ්වයා

වෙළඹ

48

මී හරකා

මී දෙන

49

මාලුවා

මිනැසිය

50

බල්ලා

බැල්ලිය


51

සොහොයුරා

සොහොයුරිය

52

සතුරා

සැතිරිය

53

නිවේදකයා

නිවේදිකාව

54

ශිෂ්‍යයා

ශිෂ්‍යාව

55

කලාකරුවා

කලාකාරිය

56

මිතුරා

මිතුරිය

57

වැද්දා

වැද්දිය

58

හෙද

හෙදි

59

නිලධාරියා

නිලධාරිනිය

60

හෙද නිලධාරියා

හෙද නිලධාරිනිය

61

වෙළෙන්දා

වෙළෙන්දිය

63

මහතා

මහත්මිය

63

නෙළන්නා

නෙළන්නිය

64

වෛද්‍යවරයා

වෛද්‍යවරිය

65

වෙද මහතා

වෙද මහත්මිය

66

මහතා

මහත්මිය

67

තවුසා

තවුසිය

68

තාපසයා

තාපසිය

69

යකා

යකින්න

70

මෙහෙකරුවා

මෙහෙකාරිය

71

දාසයා

දාසිය

72

තරුණයා

තරුණිය

73

ශූරයා

ශූරිය

74

හිඟන්නා

හිඟන්නිය

75

සේවකයා

සේවිකාව


76

අලියා

කෙනර

77

ඇතා

ඇතින්න

78

බූරුවා

බූරුදෙන

79

ගවයා

ගවදෙන

80

බල්ලා

බැල්ලිය

81

නරියා

නරිදෙන

82

හංසයා

හංස ධේනුව

83

කොවුලා

කෙවිලිය

84

කවුඩා

කැවිඩිය

85

වළහා

වැළහින්න

86

එළුවා

එළුදෙන

87

වස්සා

වැස්සී / වැස්සිය

88

කොටියා

කොටිදෙන

89

පරවියා

පරවිධේනුව

90

රත්තා

රත්තී

91

සමනළයා

සමනළිය

92

මොණරා

සෙබඩ

93

සොරා

සෙර

94

මහණ

මෙහෙණිය

95

භික්ෂුව

භික්ෂුණිය

96

බමුණා

බැමිණිය

97

කවියා

කිවිඳිය

98

යෞවනයා

යෞවනිය

99

මස්සිනා

නෑනා

100

ගුරුවරයා

ගුරුවරිය


101

පුරුෂයා

ස්ත්‍රිය

102

කිඳුරා

කිඳුරිය

103

දේවතාවා

දේවතාවිය

104

ගුරුවරයා

ගුරුවරිය

105

ගුරුතුමා

ගුරුතුමිය

106

මහල්ලා

මැහැල්ල

107

ගායකයා

ගායිකාව

108

නළුවා

නිළිය

109

ලිපිකරුවා

ලිපිකාරිය

110

තෝ

තී

111

පුරුෂ

ස්ත්‍රී

112

මානවකයා

මානවිකාව

113

සේවකයා

සේවිකාව

114

ක්‍රීඩකයා

ක්‍රීඩිකාව

115

පාලකයා

පාලිකාව

116

තලගොයා

උතුලි

117

කඩියා

කිඩිණ

118

මීයා

මූසිකාව

119

කොරවක්කා

කොරවක්කී

120

ලේඛකයා

ලේඛිකාව

121

ඉබ්බා

ඉබ්බී

122

මයා

මෙනෙවිය

123

තාරාවා

තාරාවිය

124

පූසා

පූසී

125

බැටළුවා

බැටළු දෙන


Comments

ජනප්‍රිය යොමුවන්

සිංහල සමාන පද / සමානාර්ථ පද

සමාන පද එහෙමත් නැත්නම් සමානාර්ථ පද කියන්නෙ එක පදයක අර්තයට සමාන වූ අර්තයක් දනවන වෙනත් වචන වලට.. ලිවීමට, කථනයට, වගේම අලංකාරවත් ලෙස භාෂාව හැසිරවීමට සමාන පද අපට උපකාරී වෙනවා..   ශිෂ්‍යත්වයට සූදානම් වෙන 3, 4 සහ 5 ශ්‍රේණි වල දුවා දරුවන්ට වගේම වැඩිහිටියන්ටත් උපකාර වන සමානාර්ථ පද 300 කටත් වැඩි ලයිස්තුවක් ම මේ යොමුව හරහා අපි ඔයාලට ඉදිරිපත් කරනවා.. 1 අම්මා මව, මෑණියන්, දිනිති, ජනනී, මාතෘ, මාතා, මෝ 2 තාත්තා පියා, පීතෘ , අප්පච්චී, ජනක 3 ගස රුක, රුක්ෂය, තුරු, වෘක්ෂය 4 අහස ආකාසය, ගුවන, අමර, ගගන, නුබ, නබෝගැබ, පවන්මග, සියොත්මග, සුරමග, ගහමග 5 උදෑසන හිමිදිරිය, පාන්දර, අලුයම, උදය 6 කකුල පාදය, පා 7 ඉර හිරු, සූර්යයා, දිනිදු, සැබරැස්, දිනේන්ද්‍ර, තික්මෙරද, දිනකර, සහස්රැස්, ගහමිණ, ගිම්රැස්, දියනෙත, රවි, අදුරුරුපු, සැඩකර, දිවයුරු, දිනපති, සහසකර, දිනිසුරු, දිවාකර, දිනමිණ 8 ගෙදර නිවස, ගෙය, නිවාසය, වාසස්ථානය, ගෘහය, ආලය 9 පාසල විදුහල, විද්‍යාලය, ශාස්ත්‍රාලය, ඉස්කොල්ය, සිප්හල, පාඨශාලාව 10 ඔලුව හිස, සිරස, ශිර්ශය 11 පාර මාවත, මාර්ගය, මග, වීදිය 12 තරු තාරකා, නක්ෂත්‍ර, උළු 13 හඳ චන්ද්‍රයා, තාරපති, තරුපති, තරිඳු...

සිංහල විරුද්ධ පද / විරුද්ධාර්ථ පද

  විරුද්ධ  පද එහෙමත් නැත්නම් විරුද්ධාර්ථ පද කියන්නෙ එක පදයක අර්තයට වෙනස් ම වූ අර්තයක් දනවන වෙනත් වචන වලට.. ලිවීමට, කථනයට, වගේම අලංකාරවත් ලෙස භාෂාව හැසිරවීමට සමාන පද වගේම විරුද්ධ පද ත් අපට උපකාරී වෙනවා..   ශිෂ්‍යත්වයට සූදානම් වෙන 3, 4 සහ 5 ශ්‍රේණි වල දුවා දරුවන්ට, උසස් පෙළ දරුවන්ට වගේම වැඩිහිටියන්ටත් උපකාර වන ඉතාම සම්පූර්ණ විරුද්ධාර්ථ පද ලයිස්තුවක් ම මේ යොමුව හරහා අපි ඔයාලට ඉදිරිපත් කරනවා.. 1 දරුවා දැරිය 2 මිනිසා ගැහැණිය 3 තාත්තා අම්මා 4 පියා මව 5 සීයා ආච්චි 6 මල්ලි / මල්ලී නංගි / නංගී 7 සහෝදරයා සහෝදරිය 8 කුමරා කුමරිය 9 මාමා නැන්දා 10 දෙවියා දෙවඟන 11 ගුරුතුමා ගුරුතුමිය 12 විදුහල්පතිතුමා විදුහල්පතිතුමිය 13 විදුහල්පතිවරයා විදුහල්පතිවරිය 14 ඔහු ඈ / ඇය 15 පිරිමි ගැහනු 16 කොල්ලා කෙල්ල 17 දරුවා දැරිය 18 ළදරුවා ළදැරිය 19 ගොවියා ගෙවිලිය 20 යහළුවා යෙහෙළිය 21 නායකයා නායිකාව 22 සෙබළා සෙබළිය 23 පුතා දුව 24 සැමියා බිරිඳ 25 ස්වාමිපුරුෂයා භාර්යාව 26 කොකා කෙකින්න 27 බළලා බැළලිය 28 මුවා මුවදෙන 29 කුරුල්ලා කිරිල්ලිය 30 ගොනා දෙන 31 හාවා හා දෙන 32 ගිරවා ගිරවිය 33 කුකුළා කිකිළිය 34 වඳුරා ...