මෙම වෙබ් අඩවියේ ඇති සියලු යොමුවන් වෙත සබැඳියන් පහතින් සඳහන් කර ඇත.
සිංහල ස්ත්‍රී ලිංග, පුරුෂ ලිංග පද
ගැහැනු අය හඟවන පද අපි ස්ත්‍රී ලිංග පද කියලා හඳුන්වනවා.. ඒ වගේම දරුවනේ පිරිමි අය හඟවන පද අපි පුරුෂ ලිංග පද කියලා හඳුන්වනවා.. බොහෝ පද ඉතා සරලව හඳුනාගන්න අපිට පුලුවන්.. ඒත් එක්කම ටිකක් සංකීර්ණ පාඩම් කරගත යුතු දේවල් ගණනාවකුත් මේ අතරේ තියෙනවා..
සිංහල සමාන පද / සමානාර්ථ පද
සමාන පද එහෙමත් නැත්නම් සමානාර්ථ පද කියන්නෙ එක පදයක අර්තයට සමාන වූ අර්තයක් දනවන වෙනත් වචන වලට.. ලිවීමට, කථනයට, වගේම අලංකාරවත් ලෙස භාෂාව හැසිරවීමට සමාන පද අපට උපකාරී වෙනවා.. ශිෂ්‍යත්වයට සූදානම් වෙන හෝ ප්‍රාථමික අධ්‍යාපනයක් ලබන මේ දරුවන්ට මේ සෑම පදයකටම එක හෝ සමාන වචනයක් දැන ගන්න එක නම් ඉතාම වැදගත්..
සිංහල විරුද්ධ පද / විරුද්ධාර්ථ පද
විරුද්ධ පද එහෙමත් නැත්නම් විරුද්ධාර්ථ පද කියන්නෙ එක පදයක අර්තයට වෙනස් ම වූ අර්තයක් දනවන වෙනත් වචන වලට.. ලිවීමට, කථනයට, වගේම අලංකාරවත් ලෙස භාෂාව හැසිරවීමට සමාන පද වගේම විරුද්ධ පද ත් අපට උපකාරී වෙනවා.. ශිෂ්‍යත්වයට සූදානම් වෙන හෝ ප්‍රාථමික අධ්‍යාපනයක් ලබන මේ දරුවන්ට මේ සෑම පදයකටම එක හෝ සමාන වචනයක් දැන ගන්න එක නම් ඉතාම වැදගත්..