සමාන පද එහෙමත් නැත්නම් සමානාර්ථ පද කියන්නෙ එක පදයක අර්තයට සමාන වූ අර්තයක් දනවන වෙනත් වචන වලට.. ලිවීමට, කථනයට, වගේම අලංකාරවත් ලෙස භාෂාව හැසිරවීමට සමාන පද අපට උපකාරී වෙනවා..
ශිෂ්‍යත්වයට සූදානම් වෙන 3, 4 සහ 5 ශ්‍රේණි වල දුවා දරුවන්ට වගේම වැඩිහිටියන්ටත් උපකාර වන සමානාර්ථ පද 300 කටත් වැඩි ලයිස්තුවක් ම මේ යොමුව හරහා අපි ඔයාලට ඉදිරිපත් කරනවා..
1 | අම්මා | මව, මෑණියන්, දිනිති, ජනනී, මාතෘ, මාතා, මෝ |
|---|---|---|
2 | තාත්තා | පියා, පීතෘ, අප්පච්චී, ජනක |
3 | ගස | රුක, රුක්ෂය, තුරු, වෘක්ෂය |
4 | අහස | ආකාසය, ගුවන, අමර, ගගන, නුබ, නබෝගැබ, පවන්මග, සියොත්මග, සුරමග, ගහමග |
5 | උදෑසන | හිමිදිරිය, පාන්දර, අලුයම, උදය |
6 | කකුල | පාදය, පා |
7 | ඉර | හිරු, සූර්යයා, දිනිදු, සැබරැස්, දිනේන්ද්‍ර, තික්මෙරද, දිනකර, සහස්රැස්, ගහමිණ, ගිම්රැස්, දියනෙත, |
8 | ගෙදර | නිවස, ගෙය, නිවාසය, වාසස්ථානය, ගෘහය, ආලය |
9 | පාසල | විදුහල, විද්‍යාලය, ශාස්ත්‍රාලය, ඉස්කොල්ය, සිප්හල, පාඨශාලාව |
10 | ඔලුව | හිස, සිරස, ශිර්ශය |
11 | පාර | මාවත, මාර්ගය, මග, වීදිය |
12 | තරු | තාරකා, නක්ෂත්‍ර, උළු |
13 | හඳ | චන්ද්‍රයා, තාරපති, තරුපති, තරිඳු, නිශාකර, හිමකර, සිසිලකර, නිසයුරු, තුසරකර, සොමි, |
14 | රජතුමා | රජතුමා, රජු, භූපති, නරදෙව්, නිරිදු, මිහිපල්, නරේන්ද්‍ර, භූපල්, මහීපාල |
15 | ප්‍රවෘත්තිය | පුවත, ආරංචිය |
16 | කැලෑව | වනාන්තරය, වනය, කැලය, අරණ, අඩවිය, ලවන්, වලාන, වල, බැද්ද |
17 | දූපත | දිවයින, දූව, ද්වීපය, දීපය |
18 | රාත්‍රිය | රැය, නිශා |
19 | ඇස් | නුවන්, නේත්‍ර, නයන, නෙත්, කන්, ගෝ, චක්ෂු, සක් |
20 | දෙනෙත් | දෑස්, දෙනුවන්. දෙඇස්, ඇස්දෙක, දෙනයන |
21 | වතුර | ජලය, දිය,පැන්, උදක, අඹ, රස, වස, සලිල් |
22 | පොත | ග්‍රන්ථය, පුස්තකය |
23 | කුරුල්ලා | පක්ෂියා, සියොත්, විහඟ, සකුණ, සියුරු, දද, සකලයන් |
24 | අවුරුද්ද | වසර, ශතකය, වර්ෂය, වා, වස්, සම්වසර |
25 | අර්ථය | අදහස, තේරුම, අර්තය, අරුත |
26 | නෙලුම් මල | සියපත, තඹර, පියුම්, පද්ම, නලිනි, කුමුදු, කමල, සරා |
|---|---|---|
27 | ප්‍රසිද්ධ | පසිඳු, ප්‍රකට, ජනප්‍රිය, පතල, පළ, පවර, පුවතර |
28 | බිරිඳ | භාර්යාව, අඹුව, බිරිය, සහකාරිය, බිරින්දෑ |
29 | බඳුන | භාජනය |
30 | නියෝගය | අණ, නියමය, විධානය, ආඥාව |
31 | උවදුර | කරදර, අනතුර, උපද්‍රවය, අන්තරාව, ගැහැට, විපත්තිය, ආපදාව, අවහිරය |
32 | ඖෂධ | බෙහෙත්, ඔසු |
33 | මී මැස්සෝ | බිඟුන්, මිහිලොල් |
34 | ශබ්දය | හඬ, නාදය, නද, රැව්, රාවය, ධ්වනිය, හක්‍ෂ |
35 | බෙල්ල | ගෙල, ග්‍රීවය, බොටුව, කුළල |
36 | පරීක්ෂා කරනවා | සොයා බලනවා, විමසා බලනවා, පිරික්සනවා |
37 | කරත්තය | ගැල |
38 | අලංකාර | පියකරු, ප්‍රියජනක, ලස්සන, විභූෂණ, විසිතුරු, ශෝභන, සෝභන, ලකර, ප්‍රියංකර, හොබනා, රුවැති, මනහර |
39 | පුදුමය | විස්මය, මවිතය |
40 | මහන්සිය | වෑයම, වීර්ය, වෙහෙස, ප්‍රයන්තය, දිරිය, පරිශ්‍රමය, ප්‍රයන්තය |
41 | අත | හස්තය, කරි, බා, බුජ, භාහුව, භුජ, සොඬ |
42 | ඇතා | හස්තියා, කණෙරු, කිරි, ගජ, වරණ, නා, මතඟ |
43 | ගඟ | ගංගාව, නදිය, නී, සිඳු |
44 | දත් | දන්ත, දසන්, දසුන්, දළ, දසන, රදන |
45 | මුහුණ | වත, වුවන, මුව, වදන, මුවන, වක්ත්‍රය |
46 | මුහුද | සයුර, සමුද්‍රය, සාගරය, සිඳු, සිලිලාර, සමුදුර, අනව, අර්ණව, උදදි, දලනිඳු, දලරැස්, දහනා, නිඳු, රුවනාර |
47 | සිංහයා | සිහ, සීහ, කෙසරිදු, මිගිදා, සී, කේසර, ඇත්රුපු, ගිරිවස්, මිගිඳු, මුවරද, මුවිඳු, හරි |
48 | සතුට | ප්‍රීතිය, සොම්නස, තුට, තුස්, තොටු, තොස, නදන්, මොද, ප්‍රීතිය, ආනන්දය |
49 | පොළොව | මිහි, මහී, දෙරණ, මිහිකත, පෘථිවිය, භූමිය, බිම, මී |
50 | ඔලුව | හිස, සිරස, ශිර්ශය |
51 | එන්න | පැමිණෙන්න, සම්ප්‍රාප්ත වන්න |
|---|---|---|
52 | ටිකක් | ඇබිත්තක්, ස්වල්පයක්, චුට්ටක්, මදක්, පොඩ්ඩක්, ඩිංගක් |
53 | ඉක්මනින් | කඩිසරව, නොපමාව, වහාම, යුහුසුළුව, නොලස්ව, විගසින්, විගසට, හනික, අප්‍රමාදව |
54 | ගුරුතුමා | ගුරුවරයා, ආචාර්යවරයා, විනයු, ඇදුරා |
55 | එක්ක | සමග, කැටුව, සහ, හා |
56 | කිවුවා | පැවසුවා, ප්‍රකාශ කළා, දෙසුවා |
57 | වාහනය | රථය, රිය, යානය |
58 | නගින්න | ගොඩවෙන්න, නැගගන්න |
59 | දුව | දියණිය, දෝණිය, දුහිතෘ |
60 | දෙපැත්ත | දෙපාර්ශවය, දෙපිල, උභයපාර්ශවය, දෙපස |
61 | ඊට පස්සෙ | ඉක්බිතිව, ඊට පසුව, ඊලගට, අනතුරුව |
62 | ළග | අසල, කිට්ටුව, මෙහා, සමීපය, නොදුර, මෙපිට, ආසන්න, අසබඩ |
63 | හැමෝම | කවුරුත්, ඔක්කොම, සැවොම, සැමදෙන, සියල්ලම |
64 | ප්‍රසංසාව | ස්තුතිය, ගෞරවය, පැසසුම |
65 | පෙර | කලින්, පළමුව, ඉස්සර, පුරාණයේ, අතීතයේ |
66 | කුඹුර | කෙත,වෙල |
67 | කන්ද | පර්වතය, පව්ව, ගිර |
68 | යාළුවා | මිතුරා, සගයා, මිත්‍රයා, හිතවතා, සහෘදයා, සකි |
69 | ඥානවන්ත | නුවනැති, නැණවත්, පඥාවන්ත, උගත්, නුවණක්කාර, ප්‍රඥාවන්ත |
70 | කෙළවර | අවසානය, කොන, අග්‍රය, අන්තය, සීමාව, අන්තිම, මායිම, නිම |
71 | ඇඳිරිය | කළුවර, අන්දකාරය, අඳුර |
72 | විශාල | ලොකු, මහ, මහත්, විසල් |
73 | කතාව | කථාව, කතන්දරය, අන්දරය |
74 | පියාඹන්න | ඉගිලෙන්න, පියාසලන්න |
75 | අලුත් | නවීන, නොපැරණි, නව, නූතන |
76 | ප්‍රමාද | පරක්කුව, පමා, ලස |
|---|---|---|
77 | කුසලතා | දක්ෂතා, දස්කම්, හැකියා, නිපුණතා, ප්‍රවීණතා, හැකිකම්, සමර්ථතා |
78 | සතුරා | හතුරා, ප්‍රතිමල්ලවයා, පසමිතුරා, විරුද්ධකරු, පිළිමල් |
79 | වත්ත | උද්‍යානය, උයන |
80 | කෑලි | කැබලි, කොටස්, අංශු, අංග |
81 | කෑම | ආහාර, බොජුන්, භෝජන, ගොදුරු |
82 | කනවා | බුදිනවා, අනුභවකරනවා, වළදනවා, භක්ෂණය කරනවා |
83 | තෑග්ග | තිළිණය, ත්‍යාගය, පඩුර |
84 | ඇඟ | ශරීරය, සිරුර, ගත, කය |
85 | සාරු | යුෂ, ඉස්ම, ශ්‍රාවය |
86 | පාට | වර්ණය, පෑ, වන්, පැහැය |
87 | නරියා | හිවලා, කැනහිලා, ගෘගාලයා |
88 | මැණික් | මාණික්‍ය, මිණි, රුවන්, රත්න |
89 | සරු | සාරවත්, සශ්‍රීක |
90 | කොඩි | ධජ, දද, පතාක, ජත්‍රය, කෙහෙළි |
91 | ප්‍රීති ඝෝෂා | ඔල්වරසන්, ජයඝෝෂා |
92 | ගෝලාකාර | රවුම්, වටකුරු |
93 | කන | සවන, වදත්මහ, කර්ණය |
94 | සමූහය | කැන,රැස, රාශිය |
95 | රත්තරන් | රන්, රත්රන්, කාංචන, කසුන්, ස්වර්ණ, කනක, සුවන්, හේම |
96 | සුදු | ධවල, ශ්වේත, සේ |
97 | කට | මුඛය, මුව,මිය |
98 | උදව්ව | උපකාරය, පිහිට, සරණ, සහාය, සහයෝගය, ආධාර, පිටිවහල |
99 | ආකාරය | අයුරු, ක්‍රමය, විධිය, ස්වරූපය, අන්දම, පිළිවෙළ, හැඩය, පෙනුම |
100 | දුක | ශෝකය, කනගාටුව, දොම්නස, සොව |
101 | පිච්චෙන | පිළිස්සෙන, දැවෙන |
|---|---|---|
102 | උපත | ඉපදීම, ජන්මය, උප්පත්තිය, බිහිවීම, පනිතය, ප්‍රසූතිය |
103 | ස්වාමිපුරුෂයා | සැමියා, හිමියා, වල්ලභයා, ස්වාමියා, බරුවා |
104 | අවශ්‍ය | උවමනා, වුවමනා, අවැසි |
105 | කැකුළු | පොහොට්ටු, මොට්ටු |
106 | පිරිසිදු | නොකිලිටි, පවිත්‍ර, නිර්මල, නිමල, පරිශුද්ධ, පිවිතුරු |
107 | අශ්වයා | තුරඟා, හය, අසු, තුරංග, සිඳු, අස්, තුරඟ |
108 | පතුල | අඩිය, පත්ල |
109 | නුවර | නගරය, පුරය, සිදාදිය |
110 | වළාකුළු | වලා,මේඝ, ජලධර |
111 | ජෝඩුව | යුවළ, යුගල, දෙක, සඟල, සහල |
112 | දියුණුව | ප්‍රගතිය, උන්නතිය, වර්ධනය, වැඩීම |
113 | පියගැටපෙළ | පඩිපෙල, සෝපානය |
114 | ඇත්ත | සැබෑ, සත්‍ය, නිබොරු |
115 | පැටවුන් | පොව්වන්, පෝතකයන්, දරුවන්, සුතන් |
116 | වඳුරා | වානරයා, සාමුව, ගොනගුල් |
117 | පොල් | නෙරළු |
118 | රෝගී | අසනීප, ගිලන්, ලෙඩ |
119 | බහුල | බොහෝ, වැඩි, සුබල |
120 | පර්වතය | ගල, කන්ද |
121 | වාඩිවෙන්න | ඉදගන්න, හිදගන්න, අසුන්ගන්න |
122 | කැදැල්ල | කූඩුව (කුරුළු කූඩුව) |
123 | විහිළු | කවටකම්, සරදම්, කොලොප්පම්, ඔච්චම් |
124 | කල්‍යාණ | යහපත්, හොද, කළණ |
125 | පිපාසය | තිබහ, පවස |
126 | අතීත | පැරණි, පුරාණ, පෙර, පෞරාණික, යටගිය, ඉකුත්, ඉතුරු |
|---|---|---|
127 | රැකියාව | වෘත්තිය, රක්ෂාව, ජීවිකාව, ජීවනොපාය |
128 | අද්දර | අයිනෙ, අසල |
129 | උසස් | වටිනා, උතුම්, ශ්‍රේෂ්ඨ, උත්කෘෂ්ට, උදාර, උත්තුංග |
130 | වර්ගය | ජාතිය |
131 | ඇඳ | යහන, සයනය |
132 | හදවත | හෘදය, හද |
133 | ජයගත්තා | දිනුවා, ජයග්‍රහණය කලා, ජය ලැබුවා |
134 | කණ්ඩායමක් | සමූහයක්, රංචුවක්, රැලක්, පිරිසක්, රෑනක්, රොත්තක් |
135 | ගුරුවරිය | ගුරුතුමී, ආචාර්යතුමී, විනාවි |
136 | රතු | රත්, රක්ත, ලෝහිත |
137 | දුර | ඈත, එහා, එපිට, ඔබ |
138 | මාලය | දම, හර, දාමය |
139 | මුලුමනින්ම | සහමුලින්, සම්පූර්ණයෙන් |
140 | සුදුසු | යෝග්‍ය, උචිත, ගැළපෙන, හොබිනා, නිසි |
141 | මාළිගය | මැදුර, මන්දිරය, ප්‍රාසාදය, වාසල, පහය |
142 | මාළු | මත්ස්‍ය, මින්, මීන, මස්ටක |
143 | දහවල් | දිවා, දවල් |
144 | හිටවමු | ඉන්දමු, සිටුවමු, පැළකරමු, රෝපණය කරමු |
145 | ඉහළ පෙදෙස | ඉහත්තාව, උඩපෙදෙස, උඩහ |
146 | තරහ | කේන්තිය, කෝපය, උරණ |
147 | පුංචි | පොඩි, කුඩා,චූටි, සිඟිති |
148 | සිදුර | හිල, කුහරය, ගුල, විවරය, ජිද්‍රය |
149 | ඉඳහිට | කලාතුරකින් |
150 | එළිය | ආලෝකය, කාන්තිය, රශ්මිය, කිරණ, ප්‍රභාව, කැළුම්, රැස් |
151 | පින් | කුසල්, පුණ්‍ය |
|---|---|---|
152 | කවුදෝ | කව්රුදෝ, කිසිවෙක්, කවරෙක් |
153 | අවිශ්වාසය | සැකය, කුකස |
154 | පන්සල | විහාරය, වෙහෙර |
155 | ලොව | ලෝකය, ලෝ, දිය, ජගත් |
156 | උණුසුම් | උෂ්ණ, ඌෂ්ණ, ග්‍රීෂ්ම, රස්න, දාහ, ගිම් |
157 | අකමැත්ත | විරෝධය, නොකැමැත්ත, විරුද්ධත්වය |
158 | තමාගේ | සිය, ස්වකීය |
159 | සතිය | සුමානය |
160 | ගෙම්බා | මැඩියා |
161 | පාට | වර්ණය, පැහැය |
162 | කොල පාට | හරිත වර්ණය |
163 | විනාශය | නාස්තිය, වැනසීම, සුන්වීම |
164 | ගැහැනිය | ස්ත්‍රිය, කාන්තාව, ළද, ලිය, දිගැසිය, අහන, ඉතිරිය, ලලනාව, මාගම, කත, මහිලාව, වනිතාව, බවලතා |
165 | ගොනා | හරකා, ගවයා, වස්සා, වෘෂභයා |
166 | දෙසට | දිශාවට, පැත්තට |
167 | අහංකාර | උඩගු, ආඩම්බර, එඩි |
168 | ගස්වැල් | ශාක, තුරුලිය, තුරුලතා, වෘක්ෂලතා |
169 | කොල්ලා | කොළුවා, ළමයා, දරුවා |
170 | මෝඩ | නූගත්, අනුවණ, අඥාන, බුද්ධිහීන |
171 | වැද්දා | වනචාරියා, සබර, වනසර |
172 | පිළිතුර | උත්තරය, ප්‍රතිවචනය, පිළිවදන් |
173 | යුද්ධය | සටන, සංග්‍රාමය, යුද |
174 | නිතර | නිබද, නිරතුරු, නිරන්තර, නිතින, අනවතරයෙන්, සතන, හැමවිට, හැමතිස්සේ |
175 | සමූහය | ගොන්න, රාශිය, බොහෝ, බෙහෙවින් |
176 | බියකරු | භයානක, භයංකර, බියජනක, බිහිසුනු |
|---|---|---|
177 | වැටුප | වේතනය, පඩිය |
178 | හසුන | ලිපිය, ලියුම, හස්න, සංදේශය, ලියමන |
179 | මිශ්‍ර | කලවම්, මුසු |
180 | ආරෝග්‍යශාලාව | රෝහල, ගිලන්හල, ඉස්පිරිතාලය |
181 | මහත | ස්ථුල, තර |
182 | ස්ථිර | නිත්‍ය, තිර |
183 | උගත් | පණ්ඩිත, වියත්, බහුශ්‍රැත, ව්‍යක්ත |
184 | සුළඟ | පවන, නළ. මාරුතය |
185 | සංඥාව | සලකුණ, ඉඟිය |
186 | මිනිස්ලොව | මනුලොව, මනුශ්‍ය ලෝකය, නරලොව |
187 | පිළිමය | ප්‍රතිමාව, ප්‍රතිමූර්තිය, ප්‍රතිරූපය, අනුරුව. පිළිරුව |
188 | අත්තිවාරම | අඩිතාලම, පදනම |
189 | වෙහෙර | සෑය, චෛත්‍ය, දාගැබ, ස්තූපය |
190 | මෙහෙකරුවා | වැඩකරුවා, වැඩකාරයා, දාසයා, සේවකයා, අතවැසියා |
191 | පිරිමැස්ම | සකසුරුවම, අරපිරිමැස්ම, අරපරිස්සම |
192 | නිශ්ශබ්ද | නිහඩ, නිසල, නිසසල, නිශ්චල |
193 | මොණරා | මයුර, නිල්ගෙල, පිල්බර, සිකි, මියුර, ශඛි, නිල්කැට |
194 | විශ්වාසයක් | අදහසක්, මතයක් |
195 | දෙව්ලොව | දිව්‍යලෝකය, දෙව්ලොව, දෙව්ලෝ, සුරපුර, සුරලොව, ස්වර්ගය, සග |
196 | පුදුමාකාර | විශ්මිත, අසිරිමත්, අපූර්ව, අද්භූත, විශ්මයජනක |
197 | ඇසුවේය | විමසුවේය, විචාළේය |
198 | ආගම | ධර්මය, දහම, සමය |
199 | නැගෙනහිර | පෙරදිග, පූර්වදිග, ප්‍රාචීන |
200 | බස්නාහිර | බටහිර, අපරදිග, අවරදිග, ප්‍රතිවීන |
201 | පාවිච්චිය | පරිභෝජනය, පරිශීලනය |
|---|---|---|
202 | අවධිය | සමය, යුගය, වකවානුව, කාලසීමාව |
203 | ප්‍රශ්නය | පැනය, ගැටළුව |
204 | ගින්දර | අග්නි, ගිනි, නල, අනල |
205 | මෘදු | මොලොක්, මෙලෙක්, සියුමැලි |
206 | ඉබ්බා | ඉදිබුවා |
207 | ඉදිරියේ | අභියස, අබිමුව, ඉස්සරහ, අභිමුඛ |
208 | ගමන | චාරිකාව, සංචාරය |
209 | වගේ | වැනි, මෙන්, සේ, ලෙස, වත්, එව් |
210 | නායකයා | නියමුවා, ප්‍රධානියා, මූලිකයා |
211 | නොපෙනී | අතුරුදන්, අතුරුදහන්, අන්තර්ධාන, අදර්ශන, අදෘශ්‍යමාන |
212 | හිඟන්නා | යාචකයා, යදියා |
213 | පින්තූරය | සේයාරුව, ඡායාරුව, ඡායාරූපය |
214 | විරල | දුර්ලභ, දුලබ, අඩු |
215 | සහෝදරයා | සොහොයුරා, සොයුරා, බෑයා |
216 | ලාම්පුව | ප්‍රදීපය, පහන, පාන |
217 | ඔපමට්ටම් | මටසිලිටු. සුමට |
218 | දැහැමි | ධාර්මික, ධර්මිෂ්ඨ |
219 | ගීතය | සින්දුව, ගීය |
220 | ඔටුන්න | කිරුළ, කිරීටය, ක්‍රීටය |
221 | ගල් | පාෂාණ, සෙල්, ශිලා, ශෛල, පහණ් |
222 | ආශ්‍රය | ඇසුර, සේවනය |
223 | නොයෙක් | අනෙක, නෙක, නන් |
224 | වචන | වාග්, වදන්, පද, වාං |
225 | තරුණ | තාරුණ්‍ය, යොවුන්, යෞවන, තුරුණු, ගැටවර |
226 | බොරු | ව්‍යාජ, මුසා, අසත්‍ය |
|---|---|---|
227 | අවවාද | ඔවදන්, ඔවා |
228 | ශක්තිය | වීර්යය, වෙර |
229 | අඩක් | භාගයක්, අර්ධයක් |
230 | සිතුවිලි | අදහස, චේතනාව |
231 | නපුරු | කුරිරු, කෘර, දුෂ්ට, සැහැසි. දරුණු |
232 | කොණ්ඩය | වරල, මුහුල. කෙස්, හිසකෙස්, ඉසකේ |
233 | කපුටා | කාක්කා, කවුඩා |
234 | කොහා | කොවුලා, කෝකිලයා |
235 | ඊතලය | ඊය,හීය |
236 | බළලා | පූසා, බිළාලයා |
237 | අමාරු | අපහසු, දුෂ්කර, උගහට |
238 | අවනම්බුව | අපහාසය, අපකීර්තිය. අගෞරවය, නින්දාව |
239 | දබරය | රණ්ඩුව, හබය, කෝළාහලය, සණ්ඩුව |
240 | මුවා | මිග,මෘග |
241 | දුප්පත් | දුගී, දිළිදු, නිර්ධන, දරීද්‍ර, නිවත් |
242 | සුබ | හොද, යහපත්, වාසනාවන්ත |
243 | උපක්‍රමශීලී | උපායශීලී, ප්‍රයෝගශීලී |
244 | ආදරය | සෙනෙහස, ස්නේහය, ඇල්ම |
245 | බියසුළු | බියගුලු, බයාදු, බය |
246 | පුරසාරම් | පුරාජේරු, පම්පෝරි |
247 | හපනා | ශූරයා, සමතා, සමර්තයා, දක්ෂයා |
248 | සෙබළා | සොල්දාදුවා, භටයා, හේවායා, බළයා |
249 | සැලෙන | හෙල්ලෙන, සෙලවෙන, චංචල, කම්පිත |
250 | නුසුදුසු | නොගැලපෙන, නොමනා. නොහොබිනා, නොනිසි, අයෝග්‍ය |
251 | ගෙහිමියා | ගෘහමූලිකයා, ගෘහපතියා, කෙළෙඹියා |
|---|---|---|
252 | නිසරු | නිස්සාර, අසරු. අසාර, නිශ්‍රික |
253 | තෝ | යුෂ්මතා, නුඹ, ඔබ |
254 | ගෝනුස්සා | නුහුසුවා |
255 | මීමා | මීහරකා |
256 | මුදුන | කූටය, කුළ |
257 | අප්‍රමාණ | අසීමිත, අමිත, අපමන |
258 | වියදම | වැය, ගෙවීම |
259 | පිපෙයි | විකසිතවෙයි, ප්‍රබෝධවෙයි, මිණිමුතුවෙයි, පුබුදුවෙයි |
260 | කෙට්ටු | කෙසඟ, දිරාපත්, වැහැරුණු, සිහින්, කේඩෑරි, කෘශ |
261 | සිනහව | හිනාව, හාස්‍යය |
262 | කැරකෙන | බමන |
263 | නිර්භීත | නිර්භය, අභීත, එඩිතර |
264 | අදක්ෂ | නොහැකි, අසමත් |
265 | පොකුණ | තටාකය, තඩාගය, පුෂ්කරණි |
266 | පියාපත් | අත්තටු, තටු, පියා |
267 | රෝසමල | සෙව්වන්දි |
268 | ලංකාව | ලක්දිව, සිරිලක, ශ්‍රී ලංකාව, හෙලදිව, ලංකාද්වීපය |
269 | තාප්පය | පවුර, ප්‍රාකාරය |
270 | ජනපදය | ජනාවාසය, දනව්ව |
271 | පුද්ගලයා | තැනැත්තා |
272 | පෘෂ්ඨය | මතුපිට, මුහුණත |
273 | මොළය | මස්තිෂ්කය |
274 | ඇතුළ | අභ්‍යන්තරය, තුළ |
275 | තවුසා | තාපසයා |
276 | බුදුන් | බුදුරජුන්, මොකැදුරු, තිලෝගුරු, දම්රද, මරරුපු, මුනිදු, දියනා, දම්රද |
|---|---|---|
277 | බෞද්ධ | බොදු, බුද්ධාගම්කාර |
278 | පෙරවරු | පූර්වභාග |
279 | පස්වරු | අපරභාග |
280 | ශ්‍රමණ | සමණ, මහණ |
281 | විදුහල්පති | විද්‍යාලයාධිපති, මුල්ගුරු, ප්‍රධානාචාර්ය, පදනැදුරු |
282 | නිවන | නිර්වාණය, මෝක්ෂය, මොක්පුර |
283 | වෙළඳ | වාණිජ, වාණිජ්‍ය |
284 | කවිය | කාව්‍ය, සිව්පදය, කව |
285 | ලනුපට | රැහැන, වරපට |
286 | නිශ්පාදනය | නිපැයුම, නිර්මාණය |
287 | අලවංගුව | ගල්ඉන්න, නාරස්නය |
288 | ඇඹුල් | අම්ල |
289 | රාජ්‍ය | රජය, ආණ්ඩුව |
290 | ඡායාව | සෙවනැල්ල, ප්‍රතිබිම්බය, සේයාව |
291 | මැලියම් | ලාටු, ගම් |
292 | අනුග්‍රහය | උපකාරය, අනුමැතිය |
293 | මත්පැන් | මද්‍යසාර, රහමෙර, සුරා |
294 | අසන්න | අහන්න, කන්දෙන්න, විමසන්න, සවන්දෙන්න |
295 | පවුකාර | පාපිෂ්ඨ, පාපකාරී |
296 | අනංගයා | මල්සරා, මදන, මලවි, පන්සැර, මින්දද |
297 | සැතපුම | හැතැප්මය, මයිල |
298 | අනාවැකිය | සාත්තරය |
299 | ඊෂ්වර | තිනෙත්, මහෙසුරු, මහේෂ්වර |
300 | ශක්‍රයා | සුරපති, පුරන්දර, සහසැල්, සහස්නෙත්, සුරිදු, ඉන්ද්‍ර, විදුරවි |
301 | නංගී | නැගණිය, බාල සහෝදරිය, බාල සොයුරිය |
|---|---|---|
302 | සිරිත | චාරිත්‍රය |
303 | ප්‍රශංසාව | ස්තූතිය, තුතිය, පැසසුම, ගෞරවය |
304 | වැස්ස | වර්ෂාව, අහස්දිය |
305 | විදුලිය | විද්‍යුතය |
306 | ලී | දැව |
307 | සීයා | ආතා, මුත්තා |
308 | පුතා | පුත්‍රයා, පුතණුවන් |
309 | කැමති | රුචි, මනාප, රිසි |
310 | මිණිගෙඩිය | ගෙජ්ජි, රසුදැල්, කිකිණි |
311 | අපාය | දුගතිය, නිරය, යමපුර, යමලොව, අවීචිය. නරකාදිය |
312 | කුඩය | ඡත්‍රය |
313 | මහලු | නාකි, වෘද්ධ, වියපත්, වයස්ගත, වයෝවෘද්ධ |
314 | වහළය | පියස්ස, වියන, සෙවිල්ල |
315 | බඩ | උදරය, ගැබ, කුස |
- Get link
- X
- Other Apps
Labels
සමාන පද සමානාර්ථ පද සිංහල- Get link
- X
- Other Apps
Comments
Post a Comment